ගුවන් හමුදා නිලධාරිණියන්ට රූපලාවන්‍ය වැඩමුළුවක්

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා නිලධාරිණියන් හා ගුවන් කන්තාවන් උදෙසා සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළුවක් අද (2015 ඔක්තෝබර් 23) දින වැල්ලවත්ත 'ඉමේජ්'  රූපලාවන්‍ය ඇකඩමියේදී ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.

මෙහිදී ගුවන් හමුදා නිලධාරිණියන්  සහ කාන්තාවන් සඳහා 'ඉමේජ්'  රූපලාවන්‍ය ඇකඩමියේ අධ්‍යක්ෂිකා නයනා කරුණාරත්න මහත්මිය විසින් "පෞරුෂ සංවර්ධනය" යටතේ  වැඩමුළු දෙකක්  පවත්වන ලදී.

මෙම වැඩමුළුවේ අරමුණ වන්නේ ගුවන් හමුදා නිලධාරිණියන්  සහ කාන්තාවන් පෞරුෂ සංවර්ධන පිළිබඳව දැනුවත් කර ඔවුන්ගේ වටිනාකම හා වගකීම් වැඩි දියුණු කිරීමයි.

නයනා කරුණාරත්න මහත්මිය ඇගේ අත්දැකීම් ද සමග  කාන්තාවක්, බිරිඳක්, මවක් සහ ගුවන් කාන්තාවක් සතුව ඈති වගකීම් සහ  වටිනාකම පොහොසත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී. තවද  සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සරල හා ඵලදායී උපදෙස්  ද  අමුත්තන්ට සංග්‍රහ කිරීම, ආහාර ආචාරධර්ම, හොඳ සෞඛ්ය හා සනීපාරක්ෂාව පවත්වා ගෑනීමේ වැදගත්කම වැනි දෙවල් පිළිබඳව ද දැනුවත් කරන ලදී. මීට අමතරව සාරි මොස්තර ,හිසකෙස් මෝස්තර පිළිබඳව ප්‍රායෝගික  දෑනුමක්ද ඒවා තෝරාගත්තවුන් හට හෑදෑරීමට උපදෙස් ද මෙහිදී ලබා දෙන ලදී.  
 
 මෙහි දෙවන කණ්ඩායම සඳහා වැඩමුළුව එම ආයතනයේදී ලබන ඔක්තෝබර් 29 වන දින පැවැත්වීමට නියමිතය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.