කොරියානු තානාපති ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති අතිගරු වොන් සෑම් චෑන් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී අද (26 ඔක්තෝබර් 2015) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල හමුවිය.
දෙපාර්ශවයටම අන්‍යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා සහ තානාපතිවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.



