අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරගාවලිය 2015

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26 ඔක්තෝබර් 2015) දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. ගුවන් හමුදා රත්මලාන කඳවුර සහ ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර පිළිවෙළින් පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

පිරිමි අවසන් තරගයේදී ගුවන් හමුදා රත්මලාන කඳවුරු කාර්මික පක්ෂාංග කණ්ඩායම පන්දුවාර 20 දී ලකුණු 170 ක ඉලක්කයක් ගුවන් හමුදා කොළඹ කඳවුරු කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන්ට ලබගත හෑකි වූයේ පන්දුවාර 20 දී කඩුලු 08ක් දෑවී ලකුණු 145ක් පමණී. එ අනුව ගුවන් හමුදා රත්මලාන කඳවුරු කාර්මික පක්ෂාංග කණ්ඩායම පිරිමි ශූරතාවය හිමි කර ගන්නා ලදී.

කාන්තා අවසන් තරගයේදී ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර පන්දුවාර 05 කදී ලකුණු 105 ක ඉලක්කයක් ගුවන් හමුදා රත්මලාන කඳවුරට ලබාදුන් අතර ඔවුන් පන්දුවාර 4  පන්දු 3 කදී ලකුණු 53 කට සීමා විය. එ අනුව ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර කාන්තා ශූරතාවය හිමි කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගි විය. ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ක්‍රිකට් සන්චිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එස් බියන්විල, ගුවන් හමුදා කොළඹ කඳවුරු කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම් ඩී ඒ පී පායෝ ඇතුලු නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
 
පිරිමි අංශයේ ප්‍රතිඵල

හොඳම පිතිකරු
27768 කෝප්රල් ඒකනායක ඊ එම් පී පී අයි සී (ගුවන් හමුදා වව්නියාව කඳවුර)

තරගාවලියේ හොඳම පන්දු යවන්නා
03090 ෆ්ලයින් ඔපිසර් එච් ආර් දුමින්ද (හමුදා රත්මලාන කඳවුරු කාර්මික පක්ෂාංගය )

තරගයේ වීරයා
26070 සැරයන් ඉරෝෂන් ඩී.සී. (හමුදා රත්මලාන කඳවුරු කාර්මික පක්ෂාංගය )

කාන්තා අංශයේ ප්‍රතිඵල

හොඳම පිතිකාරිණිය
ගුවන් කාන්තා / 3365 නායක ගුවන් භට තරංගනී ඩබ් වී ජී එන්(ගුවන් හමුදා රත්මලාන)

තරගයේ හා තරගාවලියේ හොඳම ක්රීඩිකව සහ පන්දු යවන්නිය
ගුවන් කාන්තා /01388 නායක ගුවන් භට ලක්මාලි ආර් ඒ පී(ගුවන් හමුදා  හිඟුරක්ගොඩ කඳවුර)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.