ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාලන්දාවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා කොළඹ නාලාන්දා විද්‍යාලය විසින් පිරිනමනු ලබන ඉහලම සම්මානය වන "නාලන්දා කීර්ති ශ‍්‍රී සම්මානයෙන්" අද (2015 ඔක්තෝබර් මස 28)  දින පිදුම් ලබන ලදී. මෙම සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

මෙම සම්මානය නාලන්දා විද්‍යාලයේ වසරකට වරක් දීප්තිමත්ම ආදි ශිෂ්‍යයාට පිරිනමනු ලබන අතර සම්මාන උළෙල නාලන්දා විද්‍යාලයේ ආදි බාලදක්ෂ සම්මේලනය හා එක්ව විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුමණ්ඩලය හා සිසු දරුවන් විසින් සංවිධානය කරන ලදී.

ගරු  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා අතින් ගුවන් හමුදාධිපතිතුමන් මෙම සම්මානය ලබා ගන්නා ලද අතර  නාලන්දාවේ  ආදි සහ වර්ථමාන සිසුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.