09 වන 'ගුවන් ලක් සෙවන නිවස ප්‍රදානය කිරීම හා සිසු දරුවන් හට පාසැල් උපකරණ බෙදා දීම

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක 'ගුවන් ලක් සෙවන' නිවාස ව්‍යාපෘතිය යටතේ සමිපුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප්‍රදානය කිරීම අද 2015 (ඔක්තෝබර් මස 30) දින බේරුවල අබේපිටිය ප්‍රදේශයේදී සිදු කරන ලදි. 33968 නායක ගුවන් භට පීටර්ස් ආර්.ඊ යන අය හට මෙලෙස ඉදිකරන ලද නිවස ප්‍රදානය කිරීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මැතිණියගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක‍ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර මගින් මෙහි ඉදිකිරීමි සිදු කරන ලදී.

මෙම උත්සවය අතරතුර, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ මූලිකත්වයෙන්  ,බේරුවල ප්‍රාථමික විද්‍යාලයේ , සිසු දරු දැරියන් 111 දෙනෙකු සදහා පාසැල් උපකරණ ප්‍රධානය කිරීම කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ අනුග්‍රහය යටතේ සිදු කරන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මොහාන් බාලසූරිය සහ එම මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්‍යමණ්ඩල සාමාජිකයින්  ඇතුලූ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.