ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වූෂූ තරගාවලිය - 2015

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වූෂූ තරගාවලිය අද දින :2015 නොවැමිබර් මස 09- ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමා විය. එහි පිරිමි හා කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කදවුර විසින් දිනාගැනීමට සමත් විය.  

මෙම තරගාවලියේ පිරිමි අනු ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරු රෙජිමේන්තු පක්ෂාංගය විසින් දිනාගත් අතර කාන්තා අනු ශූරතාවය ශ්‍රී  ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කදවුරු කාර්මික පක්ෂාංගය විසින් දිනාගන්නා ලදි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයේ නිළධාරීන්ල ශ්‍රී ලංකා ගුවන් හමුදා වූෂු සංචිතයේ සභාපති එයාර් කොමඩොර් ජනක කරුණාරත්න ඇතුලූ ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද සහභාගී විය. 


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.