”ඇක්වා විඩා” 2015 වෙරළ ක‍්‍රීඩා සැණකෙලිය ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායම ජයග‍්‍රහණය කරයි

2015 ”ඇක්වා විඩා” වෙරළ ක‍්‍රීඩා සැණකෙළියේ දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සහ ශ‍්‍රී ලංකා යුධ හමුදා අත්පන්දු කණ්ඩායම් සම ශූරතාවය දිනා ගන්නා ලදී. එහිදී ගුවන් හමුදා කාන්තා අත්පන්දු කණ්ඩායම කාන්තා ශූරතාවයට හිමිකම් කියන ලදී. තරඟාවළීය 2015 නොවැම්බර් මස 14 වන දින නිමාවට පත්විය.

ඇක්වා විඩා තරඟාවලිය ක්ලියර්මාර්ක් හෝල්ඩින්ග්ස් විසින් සංවිධානය කරන ලද අතර  ගුවන් හමුදා කාන්තා සහ පිරිමි අත්පන්දු කණ්ඩායම් විශිෂ්ට දකෂතාවයන් ප‍්‍රදර්ශනය කරන ලදී.

පළමු ඇක්වා විඩා තරඟාවළිය වන මෙය මීීගමුව වෙරළ තීරයේදී තරඟකරුවන් තරඟකාරියන් 700 කගේ පමණ සහභාගීත්වයකින් පවත්වන ලදී. වෙරළ ක‍්‍රීඩා තරඟාවළියක් ක‍්‍රීඩා අංගයන් කිහිපයකගේ එකතුවක් වන අතර එයට වෙරළ පාපන්දු, වෙරළ වොලිබෝල්, වෙරළ වෝටර් පෝලෝ,  වෙරළ අත්පන්දු, වෙරළ රග්බි තරඟ සහ මුහුදු පිහිනුම් තරඟ අංගයන් ඇතුළත් වේ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.