චීන ආරක්‍ෂක විශ්ව විද්‍යාල නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

චීන ජාතික ආක්‍ෂක විශ්ව විද්‍යාලයේ 32 ගෙන් යුත් නියෝජිතයින් පිරිසක් තම විදෙස් අධ්‍යාපන සංචාරයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. මෙම නියෝජිත මණ්ඩලය පසුගිය 2015 නොවැම්බර් මස 16 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ආරක්ෂක විශ්ව විධ්‍යාලයේ දේශපාලන පීඨයේ උප ප‍්‍රධානී ලුතිනන් ජෙනරාල් වු ජියිමින්ග් මෙම නියෝජිත මණ්ඩලයේ නායකත්වය හොබවන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න විසින් කණ්ඩායම ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍සකයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ප‍්‍රධාන දේශනය මෙහෙයවන ලද අතර එහිදී ගුවන් හමුදාව යුද්ධය නිමා වීමෙන් පසු දේශයේ සංවර්ධනයට දක්වන ලද දායවකත්වය සහ මුහුණ දුන් අභියෝග පිළිබඳව ඉදිරිපත් කරන ලදී. අනතුරුව ප‍්‍රශ්ණ සහ පිළිතුරු සැසිය ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

දේශනය අවසානයේ ත්‍යාග ප‍්‍රදානය කිරීම සහ සමරු තිළිණ හුවමාරු කරගැනීමද සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.