අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය 2015

2015 අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය පසුගිය නොවැම්බර් මස 19 වන දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. මෙහිදී කොළඹ ගුවන් හමුදා කඳවුර සහ රත්මලාන ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලද අතර  හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පිරිමි අනුශූරතාවයත් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා අනුශූරතාවයත් දිනාගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූහ. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයඉ, ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ප‍්‍රියන්ත වීරසිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හොඳම තාක්‍ෂණික මල්ලවපොර ක‍්‍රීඩකයා
018640  කනායක ගවන් භට ප‍්‍රසන්ග ජේඑම්ඩීආර් - රත්මලාන ගුවන් හමුදා කඳවුර

හොඳම තාක්‍ෂණික මල්ලවපොර ක‍්‍රීඩිකාව
ඒඩබ්/ 3779  ගුවන් කාන්තා දෙව්මිණි එස්ඒඩීඑන් - කොළඹ ගුවන් හමුදා කඳවුර


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.