හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම පුහුණුව අවසන් කරයි

හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 2015 නොවැම්බර් මස 24 වන දින ඒකල ගුවන් හමුදා කඳවුරේ හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු පාසලේදී පැවැත්විණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙලෙස සහතිකපත් ලාභීන් වසර දෙදක පමණ පුහුණුවක් අවසාන කරමින් පැය 2400 ක පමණ න්‍යායික සහ ප‍්‍රායෝගික පුහුණුවීම් සාර්ථකව නිම කරන ලද අයවළුන් වේ. පාධමාලාවේ ප‍්‍රායෝගික පුහුණු වීම් කටුනායක හෙලිටුවර්ස් ඉංජිනේරු (ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගය) අංශයෙන් සහ රත්මලාන හෙලිටුවර්ස් ඉංජිනේරු අංශයන් හිදී සිදු කරන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ඒකල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීතුමන්, නිළධාරීන්, 
පුහුණුව නිම කරකන ලද සිසුන්ගේ දෙමාපියන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.