ගුවන් හමුදා මූලස්ථානය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිය වාර්ෂික පරීක්‍ෂණය අද (2015 නොවැම්බර් මස 26) දින පවත්වන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදාධිපති උත්තමාචාර පෙළපාලියක්ද පවන්වන ලදී. එයිහී ප‍්‍රධාන බලලත් නිළධාරීන් එක් අයෙකුත්, ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 14 දෙනෙකු සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 8 දෙනෙකු හට ඔවුන් විසින් ඉටුකරන ලද සේවාව අගයමින් ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුම් ලැබීය.

ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් ගුවන්පුර ගුවන් හමුදා කඳවුර සහ කොල්ලුපිටිය ගුවන් හමුදා විවාහක නිවස්න පරිශ‍්‍රය සිය පරීක්‍ෂාවට ලක් කරන ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධීපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය හෙට (2015 නොවැම්බර් මස 27) වන දින පවත්වනු ලැබේ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.