ගුවන් හමුදා කොළඹ කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ඊයේ (2015 නොවැම්බර් 26) දින ගුවන් හමුදා මූලස්ථානයේ වාර්ෂික පරීක්‍ෂණය අවසන් කල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (2015 නොවැම්බර් 27) දින ගුවන් හමුදා කොළඹ කඳවුරේදී වාර්ෂික පරීක්ෂණය ආරම්භ කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර එහිදී ද මාර්ග පෙළ කන්ඩයක් මගින් එතුමන් වෙත උපහාර පුද කරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලූ ස්ථාන පරීක‍ෂා කල අතර කදවුරේ සියලුම නිළයන් සමග එක්ව දිවා ආහාරයට  සහබාගි විය.අනතුරුව  කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය කිරීම  වෙනුවෙන් ස්තූතිය පුදකරන කරන ලද අතර ඉංග්‍රීසි භාෂාවෙ වැදගත්කම හා තොරතුරු තාක්ෂණ නිපුණතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගතය පිළිබඳ තම අදහස් හා දැක්ම අවධාරණය කරමින් රැස්ව සිටි පිරිස  අමතා වචන ස්වල්පයක් කථා කරන ලදී.

මෙම ස්ථානයේ පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් තුම්මුල්ල සෞඛ්‍යය කළමනාකරණ මධ්‍යස්ථානය සහ තුම්මුල්ල නිලධාරී නිවස්නයෙහි පරීක්ෂා කිරීමට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.