පලාලි ප‍්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට ගුවන් හමුදාවෙන් ආධාර

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ප‍්‍රජාසත්කාරක වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 30 වන දින පලාලි ප‍්‍රදේශයේදී සිදු කරන ලදි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මගපෙන්වීම මත පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමාගේ මෙහෙයවීමෙන් මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන දියත් කරන ලදී.

පලාලි ප‍්‍රදේශයේ හඳුනාගත් අඩු පහසුකම් වලින් සමන්විත පාසල් දෙකක් වන කුඩ්ඩියාපුලම් මහා විද්‍යාලය සහ පෙන්තලේ කඩ්ඩුවාන් මහා විද්‍යාලයේ   සිසු දරු දැරියන් 150 දෙනෙකු වෙත පාසල් පාවහන් සහ පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිප දෙනෙකු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හර්ෂ නානායක්කාර, පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වත්සලා නානායක්කාර මහත්මිය, ගුවන් හමුදා නිළධාරීනන්, සෙසු නිලයන්, දෙමව්පියන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.