අන්තර් ඒකක එල්ලේ සහ දුනු විදීමේ තරඟාවළිය 2015

අන්තර් ඒකක එල්ලේ සහ දුනු විදීමේ තරඟාවලියන්හි ජයසංකේත ප‍්‍රදානෝත්සවය 2015 දෙසැම්බර් මස 03 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදි.

එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුර 2015 අන්තර් ඒකක ඒල්ලේ තරඟාවළියේ ශූරතාවයත් මොරවැව ගුවන් හමුදා කඳවුර අනුශූරතාවයත් දිනා ගන්නා ලදි.

එසේම දුනු විදීමේ තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට මඩකලපුව ගුවන් හමුදා කඳවුර සමත් වූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුර කාන්තා ශූරතාවයට හිමිකම් කියන ලදි. වව්නියාව ගුවන් හමුදා කඳවුර සහ රත්මලාන ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සී පී වැලිකල ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.  ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ, ගුවන් හමුදා එල්ලේ සංචිතයේ සභාපති ගෘාප් කැප්ටන් ආර්එච්කේපී රණසිංහ, ගුවන් හමුදා දුනු විදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් එච්යූ විජේවීර, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට එක්විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.