2014 ජාතික ඵලදායිතා සමිමාන ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකර ගනු ලබයි

2014 වර්ෂය වෙනුවෙන් පිරිනැමු ජාතික ඵලදායිතා සමිමානයෙහි රාජ්‍ය අංශයේ දෙපාර්තෙමින්තු වර්ගීකරණය යටතේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

මෙම ඵලදායිතා සමිමාන උළෙල රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ඵලදායිතා ලේකමි කාර්යාලය විසින් සංවිධානය කරන අතර වාර්ෂිකව පවත්වන මෙම තරගාවලිය සැලසුමි කිරීමෙි අරමුණ වනුයේ වසර පුරාවට ඵලදායිතා සංකල්පය හා ඵලදායිතාවය කාර්යක‍ෂම භාවිතය මගින් සාර්ථකත්වයට පත්වූ ආයතන සහ සමාගම් තෝරා ඇගයීමට ලක් කිරීමයිි. මෙම ව්‍යායාමයේ ඉලක්කය වනුයේ් ජනතාව වෙනුවෙන් කාර්යක‍ෂම රාජ්‍ය සේවයක් පිහිටුවීම සහ සමස්ථ රටේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයල ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසැල, රත්මලාන මුලික කදවුරේ අංක 04 බලඝණය සහ කටුනායක මුලික කදවුරේ ගුවන්යානා ඉංජිනේරු පක‍ෂාංගය යන ස්ථානයන්හි මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණුවල පර්යේෂණ හා සංවර්ධන සහ සුභ සාධනය යන අංශයන්හි ඵලදායිතාවය ඇගයීම මගින් මෙම සමිමානය ප්‍රධානය කරන ලදි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.