සලාක සහායක (02/2015) සහ භෝජනාගාර භාරකරු (01/2015) උසස් පාඨමාලා සඳහා සහතික පත් ප‍්‍රරදානය කෙරේ

සලාක සහායක (02/2015) සහ භෝජනාගාර භාරකරු (01/2015) උසස් පාඨමාලා සඳහා සහතික පත් ප‍්‍රදානය කිරීම 2015 දෙසැම්බර් 04 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරු සත්කාරක කළමණාකරන පුහුණු පාසලේ දී පවත්වන ලදී.

මාස හයක් පුරාවට පවත්වන ලද උසස් පුහුණු පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් මෙම පුහුණු පාඨමාලාවෙදී සනීපාරක්ෂාව, මුළුතැන්ගෙය සකසා ගැනීම, ආහාර වට්ටෝරු සැලසුම් කිරීම, පෙර අපර දෙදිග සූප ශාස්ත්රය, අතුරුපස සෑදීම සහ සෝස් වර්ග සහ පේස්ට්රි ආහාර සෑදීම,භෝජනාගාර භාරකරුගේ වගකීම, අති විශේෂ අමුත්තන්ගේ උත්සව අවස්ථාවන් හි ක‍්‍රියා කිරීම, පොදු ලිපිලේඛන කටයුතු සහ ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව අවධානය යොමු කරන ලදී. 

(02/2015) සලාක සහායක උසස් පාඨමාලාව සාර්ථකව නිමා කරන ලද ගුවන් භටයින් 24 දෙනෙකු සහ (01/2015) භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාව සාර්ථකව නිමා කරන ලද ගුවන් භටයින් 14 දෙනෙකු හට මෙහිදී සහතික පත්ර පිරිනමන ලදී.
මෙහිදි සලාක සහායක උසස් පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 36508 නායක ගුවන් භට මල්ලව පී ඒ එල් ඩී සී හිමි කර ගත් අතර භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ගුකා/2878 නායක ගුවන් කාන්තා සෙව්වන්දි වී පී ඊ හිමි කරගන්නා ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යපීඨයේ අංක 01 එල් ඈන්ඩ් ආර්  ඒකකයේ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් එච් එම් එම් එස් බී හේරත්  ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් එල් එච් එන් ජයතිලක ඇතුලු  නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී විය. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.