ගුවන් හමුදාධිපතිතුමන් සමග බංගලාදේශ නිල සංචාරයට, ගුවන් හමුදා සේවාවනිතා සභාපතිනිය එක්වෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ බංගලාදේශ නිළ සංචාරය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියද එක් වූවාය. එහිදී සේවා වනිතා සභාපතිතුමිය බංගලාදේශ ගුවන් හමුදා කාන්තා සංවිධානය විසින් සංවිධෘනය කරන ලද විශේෂ අවස්ථාවන් කිහිපයකටම එක් වූවාය.

මෙහිදී සභාපතිතුමිය විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී. මෙහදී දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.