10 වන ,ගුවන් ලක් සෙවන, නිවස ප‍්‍රදානය කෙරේ

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මක ,ගුවන් ලක් සෙවන, නිවාස ව්‍යාපෘතිය යටතේ සමිපුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය කිරීම අද (2015 දෙසැමිබර් මස 16) දින කුරුණෑගල හේනමුල්ල ප‍්‍රදේශයේදී සිදු කරන ලදි. 34955 නාගුභට ගුණතිලක එච් එස් පී කේ හට මෙලෙස ඉදිකරන ලද නිවස ප‍්‍රදානය කිරීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මැතිණියගේ ප‍්‍රදානත්වයෙන් සිදු කරන ලදි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්්‍යාලයේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල මගින් මෙහි ඉදිකිරීමි කටයුතු සිදු කරන ලදි.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා,මානෙල් පෙරේරා මහත්මිය,ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්්‍ය මණ්ඩල සාමාජිකයින් සහ ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එම් ජේ ආර් පෙරේරා , දුෂාන්ති පෙරේරා මහත්මිය ඇතුලූ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.