අංක 64 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලාවේ සහතික පත් ප්‍රධානෝත්සවය

අංක 64 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2015 දෙසැම්බර් 18 වන දින චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස්ට්‍රා උත්සවශාලාවේදී පවත්වන ලදී. විධායක ක්‍රීඩා නිළධාරී එයාර් කොමඩෝර් ඩබ් එල් ආර් පී රුද්‍රිගූ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර චීන වරාය විද්‍යා පීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙණිය සහ එක් එක් පක්ෂාංගයන්හි අණදෙන නිළධාරීන් ද සහභාගී විය.

මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වන්නේ හමුදා නිලධාරින් තුළ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම , ශබ්ද අධ්‍යයනය සහ කළමනාකරණ දැනුම පරිවර්තනය කිරීමයි. සති 10 ක කාලයක් පුරා දිවෙන මෙම පාඨමාලාව රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධ වන අතර සුදුසුකම් ලබන සියලුම අධිකාරී නොලත් නිලධාරීන් හට කළමනාකරණ සහතිකයක් මෙහිදී ප්‍රධානය කරනු ඇත.

මෙහිදී මෙම අංක 64 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලව සාර්ථකව අවසන් කල ශ්‍රී ලංකා ගුවන් හමුදා ජ්‍යශ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 40 දෙනෙක් , කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 43 දෙනෙක් සහ යුධ හමුදාවේ ජ්‍යශ්ඨ අධිකාරී නොලත් නිළධාරියෙකු , නාවික හමුදාවේ එක් ප්‍රධාන සුළු නිළධාරියෙකු සහ එක් සුළු නිළධාරියෙකුද ආදී වශයෙන් අධිකාරී නොලත් නිලධාරීන් 86 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කරන ලදී.

17383  බල/සැරයන් රත්නායක ඩබ් ආර් ඒ ඩී එල් (ගුවන් යානා විද්‍යුත් හා මෙවලම් ශිල්පී විශේෂ ) විසින් සෑම අතින්ම දක්ෂ ජ්‍යශ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානයත් 28691 කෝප්‍රල් ධර්මසිරි එම් ඩබ් ( සැපයුම් සහයක විශේෂ ) විසින් සෑම අතින්ම දක්ෂ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියාට හිමි සම්මානයත් දිනා ගන්නා ලදි.

ත්‍යාග ලාභීන්
දක්ෂතම කළමණාකරණ ශිෂ්‍යා
27572 සැරයන් ගමගේ එම් සී එස් ජී

සෑම අතින්ම දක්ෂතම ජ්‍යශ්ඨ අධිකරී නොලත් නිළධාරීන්
ප්රථම ස්ථානය  - 17383  බල/සැරයන් රත්නායක ඩබ් ආර් ඒ ඩී එල්  
දෙවන ස්ථානය  - 27572 සැරයන් ගමගේ එම් සී එස් ජී
තුන්වන ස්ථානය -  20207 බල/සැරයන් රණවීර ආර් එම් ආර් කේ

සෑම අතින්ම දක්ෂතම කණිෂ්ඨ අධිකරී නොලත් නිළධාරීන්
ප්රථම ස්ථානය -  28691 කෝප්‍රල් ධර්මසිරි එම් ඩබ්
දෙවන ස්ථානය -  29304 කෝප්‍රල් චතුරංග එම් එම් කේ
තුන්වන ස්ථානය -  30475 කෝප්‍රල් බණ්ඩාර එල් කේ පී ටී එන් ඩබ්

දක්ෂතම කථීකයා
ජ්‍යශ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 17383  බල/සැරයන් රත්නායක ඩබ් ආර් ඒ ඩී එල්
කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 28688 කෝප්‍රල් පුෂ්පකුමාර ඩී ජී ආර්

ශෘරීරික යෝග්‍යතාව අතින් දක්ෂතමයා
ජ්‍යශ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 20904 සැරයන් බණ්ඩාර අයි එම් එස්
කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 29403 කෝප්‍රල් පුෂ්පකුමාර ආර් එම් පී


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.