ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයින්ට විශේෂ පුහුණු පාඨමාලාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ මහතගේ මගපෙන්වීම යටතේ විශේෂ බොක්සිං පුහුණු පාඨමාලාවක් 2015 දෙසැම්බර් 18 දින සිට 2015 දෙසැම්බර් 20 දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බොක්සිං ක්‍රීඩකයින් සහ ශාරීරික අභ්‍යාස උපදේශකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා බොක්සිං කමිටුවේ සහයෝගයද ඇතිව සංවිධානය කරන ලද මෙම පුහුණු පාඨමාලාව සදහා පහත සඳහන් බොක්සිං විශේෂඥයන් පිරිසක්ද සහභාගී විය.
 
විනිසුරුවන්ගේ සහ විනිශ්යකාරවරුන්ගේ සංගමයේ උප සභාපතිණී , ජත්‍යන්තර කාන්තා බොක්සිං කොමිසමේ හිටපු සභාපතිණී එන් ඇඹුල්දෙනිය මහත්මිය.
         
බොක්සිං විනිසුරුවන්ගේ සහ විනිශ්යකාරවරුන්ගේ සංගමයේ සභාපති බී තිලක් සිං පෙරේරා මහතා.

බොක්සිං විනිසුරුවන්ගේ සහ විනිශ්යකාරවරුන්ගේ සංගමයේ ලේකම් උපදේශක සහ පුහුණුකරු ආර්.කේ ඉන්ද්රරසේන මහතා.
 
කියුබානු ජාතික ශ්‍රී ලංකා ජාතික බොක්සිං සංගමයේ වත්මන් පුහුණුකරු ජෝර්ජ් ලුයිස් ෆ්රොමෙතා මටොස් මහතා.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.