35 වන ජාතික ස්කොෂ් තරඟාවළිය 2015

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩක ගුවන් භට ලක්සිරි 35 වන ජාතික ස්කොෂ් තරඟාවළියේ පිරිමි ශූරතාවය සහ ශ‍්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම්හි පළමුවන ස්ථානය හිමි කරගැනීමට පසුගියදා සමත්විය.

තරඟාවළිය ඊයේ (2015 දෙසැම්බර් 22) රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් ක‍්‍රීඩාගාරයේදී ආරම්භ විය. තරඟාවළිය ගුවන් හමුදා ස්කොෂ් සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.

නායක ගුවන් භට සිල්වා එච්ඒඑස් විසින් අනුශූරතාවය හිමිකර ගනු ලැබූ අතර බලලත් නිළධාරී අයිඞීඑන් තුෂාර විසින් අවු 35 ට වැඩි අංශයේ හතරවන ස්ථානය දිනා ගන්නා ලදී.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිර ජයසේකර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අවසන් තරඟසහ ත්‍යාග ප‍්‍රදානයට සහභාගී වූ අතර ගුවන් හමුදා ස්කොෂ් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.