ශ්‍රී ලංකා ගුවන් හමදාවේ බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාවන් සදහා නිළ ලාංජන ප්‍රධානය කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමදාවේ බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාසැල මගින් පැවැත්වූ අංක 30 වන නිළධාරී , අංක 04 වන නිළධාරිණී , අංක 45 වන ගුවන් භට , අංක 07 වන ගුවන් කාන්තා සහ අංක 21 වන නාවික හමුදා යන බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාවන්  සදහා නිළ ලාංජන ප්‍රදානය කිරීම 2015 දෙසැම්බර් 23 වන දින ගුවන් හමුදා පාලවිය කදවුරේදී පැවැත්විණ. මාස පහක කාලයක් පුරා පැවැත්වුණු මෙම පාඨමාලාවන් සදහා ගුවන් හමුදා නිළධාරීන් 05ක් , නාවික හමුදා නිළධාරීන් 02ක්, ගුවන් භටයින් 34ක් , ගුවන් කාන්තාවන් 04ක් සහ නාවික නැවියන් 04ක් ඇතුලු 49 දෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගී විය.

පියාසර නිළධාරී එස් එම් එස් එස් ඒ ඉරුගල්බන්ඩාර  සහ නායක ගුවන් භට ආරියපාල ජී එම් ජී ඒ හොදම බොම්බ නිෂ්ක්‍රීය නිළධාරියාට හා ගුවන් භටයාට හිමි සම්මානයන් හිමිකරගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමදා පාලවිය බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාසැලේ අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් ප්‍රසන්න වීරසිංහ සහභාගී වූ අතර කදවුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.