13 වන ජාතික කඹ ඇදීමේ තරගාවලියේ ජය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම 2015 දෙසැම්බර් 27 වන දින මහරගම නාවින්න ක්‍රීඩාංගනයේදී පැවති ජාතික කඹ ඇදීමේ තරගාවලියේදී 13 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. යුධ , නාවික හමුදා සහ පොලිස් ඇතුලු කඹ ඇදීමේ කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙම තරගාවලිය සදහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩා අධ්‍යක්ෂක රුවන්චන්ද්‍ර මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෘෘප් කැප්ටන් කේ සී ගීතප්‍රිය ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.  

කණ්ඩායමේ සාමාජිකයින් පහත සදහන් අයුරින් වේ.

නායක ගුවන් භට විජේතිලක කේ බී ජී එම් (නායක)
නායක ගුවන් භට රාජපක්ෂ ආර් පී ඩී
නායක ගුවන් භට ලක්මාල්
නායක ගුවන් භට බන්ඩාර ඩී එස් ජේ එස්
නායක ගුවන් භට සෙනෙවිරත්න
නායක ගුවන් භට අශෝකරත්න බී ජී ජේ පී
නායක ගුවන් භට කුමාරගේ ජී එච් එන්
නායක ගුවන් භට එදිරිසිංහ ඊ ඩී කේ ආර් කේ (අතිරේක)
නායක ගුවන් භට සිරිවර්ධන සී ටී එම් (අතිරේක)


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.