තරුණ ව්‍යවසායකයින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි.

තරුණ ව්‍යවසායකයන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම 2009 දෙසැම්බර් 17 දින කොළඹ ගලදාරී හෝටලයේදි පැවැත්විණි. මෙහි ගරු ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහාභාගි විය.

මෙහිදි මෙම තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි අනෝමා රාජපක්ෂ මැතිණිය වෙත ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කරන ලදී.

මෙහිදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා උත්සවය අමතමින් කියා සිටියේ රට දැය මිණීමරු කොටි ත්‍රස්තවදයෙන් බේරාගත් රණවිරුවන් වෙනුවෙන් මෙවනි මුදල් පරිත්‍යාගයක් කරමින් ඔවුන්ගේ ජීවිත ආලෝක කිරීම ඉතා වටිනා බවත් ඵ් වෙනුවෙන් තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය වෙත තම කෘතවේදීත්වය පලකරන බවත්ය.

තරුණ ව්‍යවසායකයින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි.තරුණ ව්‍යවසායකයින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි.තරුණ ව්‍යවසායකයින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි.තරුණ ව්‍යවසායකයින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි.තරුණ ව්‍යවසායකයින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි.තරුණ ව්‍යවසායකයින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.