ගුවන් හමුදාව රණවිරුවනට තම ආචාරය පුද කරයි

පුරා දශක 03 ක කාලයක් පුරා පැවති ත්‍රස්ථවාදයෙන් තම මව්බිම බේරා ගැනීමට තම ජීවිතය පූජා කල රණවිරුවන් අද ශ්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු ස්මාරකය ඉදිරියේදී ගරු කිරීමට ලක් කරන ලදී.

මේ අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහභාගි වී තම ආචාරය රණවිරුවන්ට පුදකරන ලදී. මීට අමතරව ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පී.බී ප්‍රේමචන්ද්‍ර,උප මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම නිළධාරීන් ඇතුලු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගි විය. 







   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.