12 වන ගුවන් ලක් සෙවණ නිවස ප‍්‍රදානය කරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවණ” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකර නිම කරන ලද 12 වන නිවස  35219 නායක ගුවන් භට විජේසිංහ ඊජීඑම්ඩීඑන් හට ප‍්‍රදානය කිරීම 2016 ජනවාරි මස 15 වන දින මාතලේ, යටවත්ත ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම නිවස ප‍්‍රදානය කිරීමේ උත්සවය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කරන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ සීගිරිය කඳවුර මගින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

වැඩබලන සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, සීගිරිය කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හර්ෂ ජයතිලක, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් ද මෙම අවස්ථාවට එක්විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.