'ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා රෙජිමේන්තුව' ග්‍රන්ථය එළිදැක්වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් සෝසා (විශ්‍රාමික) සහ විංග් කමාන්ඩර් රත්නපාල (විශ්‍රාමික) විසින් රචිත 'ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා රෙජිමේන්තුව' නැමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී අද (2016 ජනවාරි 26) දින පැවැත්විණ.

මෙම උත්සවය සදහා ගුවන් හමුදා දියතලාව කදවුරෙහි මේ දක්වා සේවය කල විශ්‍රාමික සහ දැනට සේවයෙහි නියුතු අණදෙන නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීව සිටි අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත මෙම ග්‍රන්ථයෙහි පළමු පිටපත එයාර් වයිස් මාර්ෂල් සෝසා (විශ්‍රාමික) විසින් පිළිගන්වනු ලැබීය.

මෙම ග්‍රන්ථයෙහි ලේඛණගතවී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරේ ඉතිහාසය ගුවන් හමුදාවේ ඉදිරි ගමනට එක්වන බොහෝ ගුවන් හමුදා නිළධාරීන්ගේ හා ගුවන් භට ගුවන් කාන්තාවන්ගේ සාර්ථක ගමන් මගක දොරටු විවර කරන මූලික අඩිතාලමක් ලෙස සැබැවින්ම හැදින්විය හැක.    


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.