ජාතික ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යයතා සතිය - 2016

ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින්ගේ මරණයට ප්‍රධානතම හේතුවක් වන බෝ නොවන රෝග පාලනය කිරීමේ ජාතික වැඩපිළිවෙලට අනුව රජය විසින් ජනවාරි මස 25 වන දින සිට 30 වන දින දක්වා සතිය 'ජාතික ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යතා සතිය' ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.   
 
රට තුළ මනා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම මෙන්ම ජනතාවට ශාරීරික පුහුණුව තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් හදුන්වාදීම හා එය ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ අදහසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් යොවුන්වියේ සහ තරුණ , වැඩිහිටි මෙන්ම ජ්‍යෙෂ්ඨ සමාජ මට්ටම් ආවරණය වන පරිදි උද්යෝගීමත් සහ ප්‍රබල සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

මීට සමගාමීව ගුවන් හමුදාව මගින් සංවිධානය කල වැඩසටහනක් කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී අද (2016 ජනවාරි 26) දින ආරම්භ කරන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් , ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරීතුමන් , අනෙකුත් නිළධාරීන් , සෙසු නිළයන් සහ සිවිල් කාර්‍ය මණඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.    



SLAF Academy China Bay



SLAF Station Morawewa


SLAF Base Katunayake



SLAF Base Hingurakgoda



SLAF Base Pidurutalagala

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.