මූලික කදවුරු සහ කදවුරු අණදෙන නිලධාරීන් වෙනුවෙන් පරිපාලන හා කළමනාකරණ සංවර්ධන පාඨමලවක්

 ගුවන් හමුදාධිපතිතුමාගේ දර්ශනයක් මත මූලික කදවුරු සහ කදවුරු අණදෙන නිලධාරීන් වෙනුවෙන් ආරම්භ කරන ලද  පරිපාලන හා කළමනාකරණ සංවර්ධන පාඨමලවක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පවත්වන ලදී.

මෙම පුහුණු පාඨමලවේ අරමුණ වනුයේ ආයතනික පරිසරය තුළ පරිපාලන සංස්කෘතීන් හා අභියෝග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කදවුරු සහ කදවුරු අණදෙන නිලධාරීන්ගේ පරිපාලන හා කළමනාකරණ කාර්ය සාධන හැකියාවන් වර්ධනය කිරීමය.

මෙම පාඨමාලාව මගින්  මූලෝපායාත්මක තීරණ ගැනීමේ ප්රරමිතිය යටතේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලික වටිනාකම් සුරකිමින් ගුවන් හමුදාවේක්‍රමවේදයන්ට අනුකූලව තම යුතුකම් හා වගකීම් ඉටු කිරීමට මූලික කදවුරු සහ කදවුරු අණදෙන නිලධාරීන් සක්රීය කිරීමට බලපොරොත්තුවේ.

 මෙම පාඨමාලාවේදී විෂය පථය ආවරණය වන පරිදි ඊට අදාලව දේශන හා ඵලදායී සාකච්ඡා එම උපදේශකයින් විසින් පවත්වන ලදී. පළමු පාඨමාලාව 2016 ජනවාරි 25 වන දින ආරම්භ වූ අතර විෂය  ක්ෂේත්ර 08ක උපදේශකයින්ගේ සාර්ථක මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා මූලික කඳවුරු හා කඳවුරු වල ජේෂ්ඨ නිලධාරීන් 09දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2016 ජනවාරි 27 වැනි දින සාර්ථකව අවසන් විය.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.