සේවා වනිතා ඒකකය මගින් මොරවැව ප්‍රදේශයේ දරුවන් සදහා ප්‍රාථමික පාසැලක්

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මොරවැව දිවුල්වැව ප්‍රදේශයේ නැවත පදිංචි පවුල් සදහා ඉදිකරන ලද ප්‍රාථමික පාසල රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා අයෝමා රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2010 ජුලි මස 02 වන දින විවෘත කරන ලදී.

දශක 03ක් පුරා වැවති කුරිරු යුද්ධයෙන් බැට කා තම වාසස්ථාන අතහැර ආරක්ෂිත කලාප කරා ගිය මොවුන් යුද්ධයේ අවසන සාමයේ අරුණළු ද සමග නැවත තම උපන් ස්ථාන වලට වාසය කිරීමට පැමිණෙන ලදී.ගම්වාසීන් කරන ලද ඉල්ලීමකට 2009 නොවැම්බර් මස ලෝක ළමා දිනයේදී මෙම පාසැල සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන්
හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් මුල්ගල තිබීමෙන් අනතුරුව, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි නෙලුන් ගුණතිලක  මහත්මිය සහ මොරවැව ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ඩබ්.එල්.ආර්.පී රොද්‍රිගෝ සහ අන් සියල්ලන්ගේම සහයෝගය මත මෙය යථාර්ථයක් බවට පත් කරන ලදී.මීට පෙර මොරවැව ප්‍රදේශයේ ළදරු පාසැල් දෙකක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරන ලද අතර ඒ සදහා සියළුම අවශ්‍ය උපකරණද ලබා දෙන ලදී.

ත්‍රිකුණාමලය යාය හය විද්‍යාලය නම් වූ මෙම පාසැල විවෘත කළ උත්සවයේදී පැමිණ සිටි සියළුම දරුවන්ට පොත් පත්, නිළ ඇදුම් සහ ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.

මෙම උත්සවයට ගුවන් හමුදාධිපතිතුමා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්ද රජයේ නිලධාරීන් රැසක්ද ගම් වාසීන් ද   සහභාගි විය. 


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.