ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2015 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සහ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප‍්‍රථිපල ලබාගත් සිසු සිසුවියන්ට උපහාර පිදේ.

 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද ගුවන් හමුදා සේවයේ නියුතු නිළධාරීන්ගේ,සෙසු නිළයන්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ 2015 අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත්  දරුවන්ට උපහාර පිදීමේ වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථානයේදී 2016 පෙබරවාරි 05 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී තෝරාගත් අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථයන් 03ක් ලබාගෙන දක්ෂතා දැක්වූ සිසු දරුවන් දෙදෙනෙකුට සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ට වැඩියෙන් ලබා දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 94 දෙනෙකු සදහා සේවා වනිතා ඒකකය මගින් මුදල් ආධාර ලබාදෙන ලදී.

අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගී වූ විශේෂ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ට සුභපැතුම් පල කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ,ඉලෙක්ටො‍්‍රනික් හා විදුලි සංදේශ අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ,සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු,සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් හා ගුවන් හමුදා සේවයේ නියුතු ගුවන් හමදුා නිළධාරීන්,සෙසු නිළයන් හා සිවිල් වැසියන් මෙන්ම දරුවන් පිරිසක් ද මෙම අවස්ථාව සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.