සිරිමාවෝ බාලිකා ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2016 පෙබරවාරි මස 05 වන දින සිරිමාවෝ කි‍්‍රඩාංගණයේදී පවත්වන ලද විද්‍යාලීය ක‍්‍රීඩා තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය.

උත්සවය අමතමින් ගුවන් හමුදාපතිතුමන් විෂය දැනුම මෙන්ම කි‍්‍රඩාව සමබරව කිරීමෙි වැදගත්කම පිළිබදව අවධාරණය කල අතර එම පාසැල් දරු දැරියන් ඉදිරියේදී රටේ අනාගතය බාර ගන්නා බවද සදහන් කරන ලදි.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිරිමාවෝ බාලිකාවියන් ඉතිහාසයේ සිට මෙි දක්වා දැක්වූ කී‍්‍රඩාශීලීත්වය පිළිබදව සහ ඔවුන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල නියෝජනය කරමින් දක්ෂතා දැක්වීම පිළිබදව ද මතක් කර සිටි අතර මෙවැනි ක‍්‍රීඩා උළෙලක් සාර්ථකව සංවිධානය කිරීම සදහා ඔවුන් තුළ තිබුණා වූ නායකත්ව ගුණාංගය පිළිබදව ප‍්‍රශංසා කලේය. තවද එතුමන් මෙි අකාරයෙන් ක‍්‍රීඩා උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් විදුහල්පතිතුමියට ගුරු මහත්ම මහත්මීන්ට සියලූම  දරුවන්ට සහ දෙමාපියන්ට සිය ස්තූතිය පළ කළේය.    

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.