ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක පාසලේ වාර්ෂික කී‍්‍රඩා උත්සවය

ශී‍්‍ර ලංකා  ගුවන් හමුදා කටුනායක පාසලේ වාර්ෂික කී‍්‍රඩා උත්සවය කඳවුරු කී‍්‍රඩා පිටියේ දී පසුගියදා (2016 පෙබරවාරි 11) වැනි දින පවත්වන ලදී.

ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ. කොටකදෙණිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු  මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මීගමුව කලාප අධ්‍යපන අධ්‍යෂ කේ.සී ප්රනාන්දු මහතා සහභාගී විය. මීට අමතරව මීගමුව කලාප අධ්‍යපන කාර්යාලයේ පරිපාලන අධ්‍යෂ ඩබ්ලිව් ලාල් කුමාර මහතා සහ මීගමුව කලාප අධ්‍යපන කාර්යාලයේ සැලසුම් අධ්‍යෂිකා රමණී ද සිල්වා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

1961 වර්ෂයේදී අරම්භ කරන ලද දිගු ඉතිහාසයක් ඇති කටුනායක ගුවන් හමුදා පාසල වර්තමාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ උපදෙස් මත (2016 ජනවාරි 04) වන දින දෙවන පෙළ පාසලක් ලෙස උසස් කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.