ශ්රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරට නව වෙඩි පිටියක්

ශ්රී ලංකා ගුවන් හමුදාවට සහ ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලට තවත් එක් ඓතිහාසික අවස්ථාවක් එක් කරමින් දියතලාව 'ෆොක්ස් හිල්' හී ඉදිකරන ලද නව 'මීටර් 100 වෙඩි පිටිය' 2016 පෙබරවාරි මස 18 වැනි දින ශ්රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩොර් කැමිලස් ලැබ් රෝයි මහතාගේ ප්රරධානත්වයෙන් රජයේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ආරම්භ කරන ලදී.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්යයෙහි සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර දියතලාව සටන් පුහුණු පාසලේ නිළධාරී අණදෙන පුහුණු  වින්ග් කමාන්ඩර් නිලන්ත පියසේන මහතා විසින් ටී-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි පිටියෙහි ප්රථම ඓතිහාසික ප්රරහාරය එල්ල කරනු ලැබීය.

ශ්රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලෙහි වෙඩිතැබීම් අභ්යාස සඳහා ඉතිහාසය තුළ මේ වන තෙක් ශ්රී ලංකා යුධ හමුදාව  සතු වෙඩි පිටි සපයන ලදී. දිගු කාලයක සිට පැවතුණු වෙඩි පිටියක දැඩි අවශ්යතාව 2004 දී වැඩකටයුතු ආරම්භ කර වසර 12 කට ආසන්න කාලයකින් පසු අද දින යථාර්ථයක් බවට පත් වී ඇත. මෙම වෙඩි පිටිය අනිවාර්යයෙන්ම අනාගත ගුවන් හමුදා භටයින්ගේ අනාගතය  යහපත් කිරීමට සමත් වනු ඇත.

ගුවන් හමුදා නිලධාරීන් , සෙසු නිළයන් සහ ශ්රී ලංකා යුද හමුදාවේ ප්රධාන උපදේශකයින් පිරිසක් ද මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වී සිටියහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.