අන්තර් ඒකක පාපන්දු ශූරතාවය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පසලට

ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල 2016 අන්තර් ඒකක පාපන්දු ශූරතාවය දිනා ගැනීමට පසුගිය පෙබරවාරි මස 19 වන දින සමත්කම් දක්වන ලදී.

අවසන් තරඟයේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම ගෝල 3-2 ක් ලෙස පරාජයට පත්කරන ලදී.

ශ්රී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා මෙහි ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ශ්රී ලංකා ගුවන් හමුදා පාපන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර්  ඇන්ඩෲ විජේසූරිය , ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා ඇතුලු  නිලධාරීන් නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

විශේෂ සම්මාන

දක්ෂතම ක්රිඩකයා
නායක ගුවන් භට දිසානායක ඩී එම් එස් එම්
 
දක්ෂතම දැල් රකින්නා
ගුවන් භට මාධව පී එල් කේ
 
වැඩිම ගෝල වාර්ථා කල ක්රීඩකයා
ගුවන් භට ෂෙහාන් ඩී යූ


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.