ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 11 වැනි විවෘත ස්කොෂ් තරගාවලිය - 2016

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 11 වන විවෘත ස්කොෂ් තරඟාවළිය ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය 2016 පෙබරවාරි මස 23 වන දින ආරම්භ වී 2016 පෙබරවාරි 29 වන දින දක්වා රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රිඩා සංකීර්ණයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රවිඳු ලක්සිරි සහ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ නදුනි ගුණවර්ධන පිලිවෙලින් විවෘත කාන්තා සහ පිරිමි ශූරතාවයන්  දිනා ගැනීමට සමත් විය.

දින හතක කාලයක් පුරාවට වයස අවු 13 න් පහල, 15 න් පහල, 17 න් පහල සහ 19 න් පහල වයස් කාණ්ඩයන් යටතේ තරඟාවලිය පවත්වන ලදී. මීට අමතරව කාන්තා සහ පිරිමි විවෘත, අවු 35 ට වැඩි, අවු 45 ට වැඩි, අවු 50 ට වැඩි සහ කාන්තා සහ පිරිමි ආධුනික යන අංශ යටතේද තරඟ පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූහ. ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති ගුවන් කොමඩොර් එස් ඩී කොටගේ, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමඩොර් එස් කේ පතිරණ, ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති කොමඩෝර් පාලිත වීරසිංහ, ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.