විනෝදාත්මක වැඩසටහනක් ගාල්ලේදී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර සංවිධානය කරන ලද විනෝදාත්මක වැඩසටහනක් 2016 පෙබරවාරි මස 28 වන දින ගාල්ල පාපන්දු පිටියේ දී පැවැත්විණ.

මෙහිදී ගුවන් සුනඛ සංදර්ශන , ගුවන් හමුදා සරඹ සංදර්ශන, ගුවන් හමුදා තූර්ය වාදක සංදර්ශන, ගුවන් හමුදා නර්ථනයන් හා ගුවන් හමුදා ඛෙර වාදන සංදර්ශන ආදී ආකර්ෂණීය අංග රැසක් පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරීන්, සෙසු නිලයින් හා සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභගී වී සිටියහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.