09 වන වරටත් යාපනයේදී පැවැත්වූ ජාතික බාලදක්ෂ ජමිබෝරියට ශ්‍රී ලංකා ගුවන් හමුදා බාලදක්ෂයින් කණ්ඩායමක් සහභාගී වෙයි

ශ්‍රී ලංකාෙවේ ජාතික බාලදක‍ෂ සංගමය විසින් සංවිධානය කරන ලද 09 වන බාලදක්ෂ ජමිබෝරිය වැඩසටහන 'මිත්‍රත්වය හා අවබෝධය' යන්න තේමා කර ගනිමින් 2016 පෙබරවාරි මස 20 දින සිට 26 වන දින දක්වා යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී සහ මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ලෝකය පුරා මිත්‍ර රටවල් වල බාල දක‍ෂයින් 8000 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙය ජාතික බාලදක‍ෂ ජමිබෝරි ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුවහන් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් බාලදක‍ෂ නායකයින් 05 දෙනෙකුගෙන් සහ ගුවන් බාලදක‍ෂයින් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ජාතික උත්සවයට සහභාගී වූ අතර එහිදී ඔවුන් විසින් සිය දක‍ෂතාවයන් ප්‍රදර්ශනය කළේය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.