ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය- ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුරය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව අනුරාධපුර කදවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ඊයේ (09) පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුර කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ආර්.පී ලියනගේ අණදුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

අනුරාධපුර ගුවන් හමුදා කදවුර උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ යුධමය තත්වයන් පවතින අවස්තාවේදී ප්‍රමුඛත්වයක් ගෙන , විශාල කාර්‍‍යභාරයක් ඉටුකරන ලදී.තවද මෙය මානුෂීය මෙහෙයුමේදී උතුර දකුණ යාකල ප්‍රධාන සංදිස්ථානයක්ද විය.වර්ථමානය වන විට අංක 6 බෙල් 212 හෙලිකොප්ටර් බලඝණ්යේ මූලස්ථානයද මෙයයි.

පසුගිය වසර තුල කදවුරට වටිනා මෙහෙවරක් කල පහත සදහන් සේවා පුද්ගලයන් ගුවන් හමුදාපති සම්මානයෙන් පිදුම් ලැබීය.

14678   බලපන්ති සැරයන්   පෙරේරා එම්.ඒ.ආර්.ඒ.අයි  (දන්ත වෛද්‍ය සහයක)
15304   සැරයන්      දනනන්දන ආර්.ඒ.බී.එස්               (ජලනල කර්මික )
16789   සැරයන්       විජේතිලක ඩී.එල්.ඒ                     ( මෙහෙයුම් භූමි 1 )
21054   සැරයන්       ජස්මින් ඒ.එල්.එම්                       ( ආරක්ෂිත උපකරණ )
21151   සැරයන්        අබේගුනවර්ධන                          ( ගුවන් රෙදෙව් )
012526 කෝප්‍රල්       පීරිස් එම්.එස්.එන්                        ( විදුලි කාර්මික ශිල්පී 3 )





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.