එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බලඇණියේ පදක්කම් ප‍්‍රදානෝතසවය

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියැළෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බලඇණිය තම ගමනේ තවත් එක් සංධිස්ථානයක් පසු කරමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක පදක්කම් ප‍්‍රදානෝත්සවය පසුගිය 2016 මාර්තු මස 10 පවත්වන ලදී. මෙම උත්සවය සඳහා එක්කසත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප‍්‍රධානී ලුතිනන් ජෙනරාල් යොහානස් ගෙබ්රෙමෙස්කල් ටෙස්ෆාමාරියාම් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කතරමින් විශේෂ අමුත්තෙක් වශයෙන් සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්හි දින 90 කට වැඩි කාලයක් රාජකාරීන්හි නියැලුණු හමුදා පුද්ගලයන් හට මෙම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පදක්කම හිමිවේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන්හි නියැලෙන පළමු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බලඇණිය 2015 ජූනි මස 05 වන දින ස්ථාපිත කරන ලද අතර එම බලඇණිය මාස නවයක කාලයක් මේ වන විට සම්පූර්ණ කොට ඇත.

මෙම පදක්කම් ප‍්‍රදානෝත්සවය රාත‍්‍රී උත්සවයක් ලෙස ඉතා අලංකාරාත්මකව පවත්වන ලද අතර සාම්ප‍්‍රදායික නර්තන අංග, සරඹ සංදර්ශන බල ඇණියේ සාමාජිකයින් විසි්න ඉදිරිපත් කරන ලදී. ආරාධිත අමුත්තන් සඳහා පෙළපාලිය අවසානයේ රාත‍්‍රී ආහාර වේලක් ශ‍්‍රී ලංකා ක‍්‍රමයට සකසා තිබිණි.

රාජ්‍ය සම්බන්ධීකාරකවරුන්, අංශ ප‍්‍රධානීන්, ගුවන් යානා බල ඇණී ප‍්‍රධානී ඇතුළු බල ඇණි ප‍්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.