ඇමරිකානු ගුවන් හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිළධාරීන් පිරිසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ඇමරිකානු ගුවන් හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිළධාරීන් තිදෙනෙකු සහ ඔවුන් කැඳවාගෙන ආ විද්‍යාපීඨයේ විදේශ භාෂා සහාය අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ලියාම් ඩර්බි පසුගිය 2016 මාර්තු මස 21 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. විද්‍යාපීඨයේ සංස්කෘතික වර්ගීකරණ වැඩසටහන මෙම සංචාරය පවත්වන ලදී.

ඔවුන් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරය අතරතුරදී ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් හමු විය. දෙපාර්ෂවය අතර සමරුඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

මොවුන් දින හයක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී  විවිධ පුහුණු මධ්‍යස්ථාන සහ ගුවන් හමුදා කෙඩෙට් නිළධාරීන් සමග අන්‍යෝන්‍ය සම්බන්දතාවය වර්ධනය කරගැනීමේ අවස්ථාව හිමිකර ගනු ලබයි. එසේම දිවයින පුරා විවිධ ආගමික මධ්‍යස්ථාන රැුසක සංචාරය කිරීමට ද නියමිතය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.