09 වන ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය - 2016

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ දක‍ෂතාවයන් උරගා බලනු ලබන 09 වන ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2016 මාර්තු මස 24 වන දින අභිමානවත් අයුරින් ආරමිභ විය.

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා තරග අතරින් විශේෂ අවධානයක් දිනා ඇති ප්‍රධාන තරගාවලියක් ලෙස ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය හැදින්විය හැක. මෙම තරගාවලියේදී නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් හදුනා ගැනීමට හැකිවන අතර මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා තරග සදහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටද අවස්ථාවද උදාවනු ඇත.

මෙම තරගාවලිය ක්‍රීඩා තරග ඉසව් 37 ක් යටතේ මාර්තු මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වීමට නියමිත අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ජාතික හා ජාත්‍යන්තර තරග වලට සහභාගී වෙමින් ජයග්‍රහණයන් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙි සදහා සහභාගී වීමට නියමිතව ඇත.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලූ දෙනාගේ අවධානය දිනා සිටින ආරක‍ෂක සේවා කි්‍රඩා තරගාවලියේ සමාරමිභක උළෙල ගරු ආරක‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජෙඇවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක‍ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුලූව ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේද සහභාගීත්වයෙන් මාර්තු මස 24 වන දින පැවැත්විණි. මෙවර ආරක‍ෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නොමසුරු සහය ලබාදෙයි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.