ගුවන් හමුදාධිපතිතුමන් කොළඹ වරායට පැමිණි එක්සත් ජනපද

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2016 මාර්තු මස 26 වන දින කොළඹ වරායට පැමිණි  එක්සත් ජනපදයේ "යූඑස්එස් නිල් රිඩ්ජ්" නෞකාවේ සංචාරයක නිරත විය.

එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වැනි බලඇණියේ යූ එස් එස් බ්ලූ රිඩ්ජ් (එල් සී සී 19) නෞකාව සුහද චාරිකාවක් සඳහා 2016 මාර්තු මස 26 වන දින කොළඹ වරායට ළඟා විය. මෙම නෞකාව එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වැනි බලඇණිය විසින් අණදෙනු ලබන නෞකා දෙකකින් සමන්විත බ්ලූ රිඩ්ජ් නෞකා පන්තියේ ප්‍රධාන හා ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන්නකි.   

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ශ්‍රී ලංකා යුධ හමුදාධිපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා එක්සත් ජනපද තානාපති අතුල් කේශප් මහතා, එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වැනි බලඇණියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.