එක්සත් ජනපද ගුවන් හමුදා විද්‍යා පීඨයේ ශිෂ්‍යභටයින් පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ සංචාරයක

එක්සත් ජනපද ගුවන් හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභටයින් 03 දෙනෙකු සහ සහකාර ඇකඩමි විදේශ භාෂා අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ලියාම් ඩර්බි මහතා ඔවුන්ගේ ඇකඩමි සංස්කෘතික වර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙස 2016 මාර්තු මස 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ සංචාරයක නිරත විය.
 
ඔවුන් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් පී ඩී කේ ටී ජයසිංහ මහතා හමුවූ අතර පසුව අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය , කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල, අවිකරු පුහුණු පාසල, අධිකාරි නොළත් නිලධාරී කළමණාකරන පුහුණු පාසල, කැඩෙට් නිලධාරී නිවස්නය හා නාවික හමුදා හා යුධ හමුදා විද්‍යාපීඨ යන ස්ථාන වල සංචාරය කලේය. මෙහිදී මෙම අවස්ථාව සිහිවීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.