ගුවන් හමුදාව ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලේ ගිනි නිවීමේ සරඹයක

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ පෙරහුරු සරඹයක් 2016 මාර්තු මස 31 වන දින ශ්‍රී ලංකා මහ බැංකු ගොඩානැගිල්ලේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවීම් නිළධාරී ගෲප් කැප්ටන් පී එම් සී පී ඩයස් මහතාගේ අධීක්ෂණය ඇතිව ගුවන් හමුදා පුද්ගලයින් 33 දෙනෙකු මෙම ගිනිනිවීමේ හා මුදවා ගැනීමේ අභ්‍යාසය සදහා සහභාගී වූහ.

මෙම අභ්‍යාසයේදී ප්‍රථමයෙන්ම ගොඩනැගිල්ලේ ඉහල මාල වල සිරවී සිටින පුද්ගලයින් අවස්ථානුකූලව කඹ ආධාර කරගනිමින් විශේෂ ක්‍රමයන්ට සහ ගිනි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් බේරාගෙන පහලට ගෙනඑන ආකරය සිදුකරන ලද අතර තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම අභ්‍යාසයේදී පුද්ගලයින් පහලට ගෙනඑන නව උපක්‍රමයක් ද හඳුන්වාදෙන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.