සේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සුභ සාධනය උදෙසා කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි. "අනුලා ප්‍රනාන්දු" නිවාස ව්‍යාපෘතිය ඒ අතරින් එකකි. අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ සේවයේ යෙදී සිටියදී මියගිය හෝ ආබාධිත වූ රණවිරුවන්ට මූලිකත්වය දෙමින්, ඔවුන් වෙනුවෙන් නිවාස ඉදිකර දීම හා ණය ආධාර මුදල් ලබාදීම සිදුකරනු ලබයි. මේ යටතේ 2007 අප්‍රේල් මස 11 වන දින චීන වරාය කප්පල්තුරෙයි හිදී ත්‍රස්තවාදීන්ගේ ක්ලේමෝ ප්‍රහාරයක් හේතුවෙන් අන්ධ භාවයට පත්වූ 23824 නායක ගුවන් භට නිශාන්ත රණවිරුවා හට නව නිවසක් පරිත්‍යාග කරන ලදී.

2009 දෙසැම්බර් මස 18 වන දින දැරණියගල නූරියහිදී මෙම නිවස පරිත්‍යාග කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී නෙලුන් ගුණතිලක මැතිණිය සහභාගී වූ අතර අනුලා ප්‍රනාන්දු නිවස ව්‍යාපෘතියේ කළමනාකරු බලඝණ නායක ධාරක ඩයස් මහතාද, සේවා වනිතා ඒකකයේ විධායක කමිටුවේ සාමාජික සාමාජිකවන් ඇතුළු රණවිරුවාගේ දෙමාපිය නෑදෑ පිරිස ද සහභාගී විය.

සේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේසේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේසේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේසේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේසේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේසේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේසේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේසේවා වනිතා ඒකකය විසින් තවත් නිවසක් පරිත්‍යාග කෙරේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.