ජලයෙන් සිදුවන හදිසි ආපදා තත්වයකදී ඉන් මුදවා ගැනීමේ පුහුණුවක්
ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඛෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් හදිසි ආපදා තත්වයකදී අනතුරට පත් පුද්ගලයින් හෙලිකොප්ටර් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වන නිදර්ශණාත්මක පුහුණුවක් පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී 2016 අප්‍රේල් මස 20 වන දින උදෑසන සිදු කෙරිණ.
පසුගිය කාල වකවානුවේ ගංවතුර උවදුරු හා මුහුදේදී අනතුරු සිදුවු අවස්ථාවන් වලදී අනතුරට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාදාම රැසකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දායකත්වය සපයා ඇති අතර මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වනුයේ ඉදිරි කාලය තුළදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබදව ප්‍රගුණ කිරිමයි.
මෙම පුහුණු පාඨමාලාව ගුවන් හමුදා අංක 04 හෙලිකොප්ටර් බලඝණය විසින් එම බලඝණයේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් කාලිංග මහීපාල මහතාගේ අධීක්ෂණය යටතේ සාර්ථකව අවසන් කරන ලදී.



































වීඩියෝව නරඹන්න