ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකය, ගිනි නිවීම් ඒකක අතර පෙරමුණ ගනී

අන්තර් ගිනි නිවීම් සේවා ක‍්‍රීඩා තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන්හමුදා ගිනි නිවීමේ ඒකකය සමත්කම් දක්වන ලදී.

පසුගිය ජූලි මස 13 වෙනිදා කොළඹ තුරඟ තරඟ පිටියේදී මෙම ක‍්‍රීඩා උත්සවය පවත්වන ලද අතර ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ගිනි නිවීමේ සේවා 14 ක් පමණ සහභාගී වන ලදී. මෙම ක‍්‍රීඩා තරඟාවළිය සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ ගිනි නිවීමේ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ශ‍්‍රී ලංකා ශාඛාව මගිනි.

ක‍්‍රීඩා තරඟාවළියේ ලකුණු සටහන

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව - ලකුණු 74
කොළඹ දිස්ත‍්‍රික් ගිනි නිවීමේ හමුදාව - ලකුණු 65
කළුතර දිස්ති‍්‍රක් ගිනි නිවීමේ හමුදාව - ලකුණු 32

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.