51 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි

51 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාටමාලාව පසුගිය අපේ‍්‍රල් මස 25 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භ උත්සවය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩොර් පීඞීකේටී ජයසිංහ සහ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒජේ අමරසිංහගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.

1999 වසරේදී ආරම්භ කරන ලද කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල ස්කොඩ්රන් ලීඩර් සහ ඉන් පහත නිළයන්හි නිළධාරීන්ගේ වෘත්තීමය දැනුම හා මාණ්ඩලික නිළධාරී තනතුරු සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සිදු කරනු ලබයිග

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 20 දෙනෙකුද, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කැප්ටන් නිළයේ නිළධාරීන් 04 දෙනෙකද, ශ‍්‍රි ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් නිළයේ නිළධාරීන් එක් අයෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඞ්රන් නිළයේ එක් නිළධාරියෙකුද සති 14 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2016 අපේ‍්‍රල් මස 25 වන දින සිට 2016 අගොස්තු මස 06 වන දින දක්වා පැවැත්වේ.

රම්භක දේශනයෙන් අනතුරුව තම තමන් හඳුන්වා දීමේ සැසිය අරම්භ කරන ලද අතර අනතුරුව පාඨමාලාවේ දේශකයන් විසින් පාඨමාලාවේ අන්තර්ගතය සහ අරමුණු පුහුණු නිළධාරීන් හට ඉදිරිපත් කරන ලදීග

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.