පකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් ගේ නායකත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් සමන්විත පකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.  

මෙම සංචාරය එම විද්‍යාලයේ ආරක්‍සක පාඨමාලාව හදාරන පාකිස්ථාන යුධ, නාවික සහ ගුවන් හමුදාවන්හි උසස් නිළධාරීන්, තුර්කි, ඉරාන්, නයිජීරියා, සුඩාන් සහ සිවිල් ශිෂ්‍යයන් දෙදෙනෙකුගෙන් සමන්විත පාඨමාලාවේ විදේශ පාඨමාලා සංචාරයක් වේ.

ගුවන් හමුදා පුහුණු අද්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී පුහුණු 11 විංග් කමාන්ඩර් රජිව් කොඩිප්පිලි විසින් මෙම පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. අනතුරුව මෙම පිරිස ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතා හමු වූ අතර එම හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි.

ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ගුවන් හමුදාවේ කාර්ය භාරය සහ අභියෝග පිළිබඳව දෙශනය පවත්වන ලද අතර ප‍්‍රශ්ණ සහ පිළිතුරු සාකච්ඡුාව ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේද සහභාගීත්වයෙන් සිදු කරන ලදී. ගුවන් හමුදා මෙහෙයුම් භූමි අද්‍යඞෂක එයාර් වියිස් මාර්ෂල් කිෂාන් යහම්පත් සහ පුහුණු අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගණරත්න විසින් සමරු තිළිණ බෙදා දීම සිදු කරන ලදි.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.